පල්ලෙකැලේ භූ කම්පන තත්ත්වය ගැන පැහැදිලි කිරීමක්

පසුගිය 29 වැනිදා සහ අද (02) දින පල්ලෙකැලේ ආශ්‍රිතව සිදුවූ භූ චලන වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හටගැනීමට ඉඩ ඇති ප්‍රේරිත භූමි කම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක්වන විපරිත හුණුගල් තුළ බිඳවැටීමක් විය හැකි බව භු විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යංශය පවසයි.

 

භු විද්‍යා සමීක්‍ෂණ හා පෙන්වා දෙන්නේ අදාළ කම්පන තත්ත්වයන් ප්‍රධාන භූතල මායිම් ආශ්‍රිතව ඇති වූ ඒවා නොවන බව භූ කම්පනමාන දත්තවලින් තහවුරු වන බවයි.

පල්ලෙකැලේ ආශ්‍රිතව සිදුවූ භූ චලන පල්ලේකැලේ භූකම්පන නිරීක්‍ෂණ මධ්‍යස්ථාවයේ සුළු කම්පන තත්ත්වයන් ලෙස සටහන්ව තිබේ.

මේ සම්බන්ධ පරීක්‍ෂණ සදහා භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යංශයේ භූ භෞතික විද්‍යාඥයින් සහ භූ කම්පන විද්‍යාඥයින් 06දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් ක්ෂේත්‍ර පරීක්‍ෂණ සදහා යොමු කර තිබේ.

Exit mobile version