Home දේශීය පුවත් නිව් ඩයමන්ඩ් නෞකාවේ පිපිරීම් දෙකක් : නැවේ සමබරතාව ගිලිහෙමින් පවතියි

නිව් ඩයමන්ඩ් නෞකාවේ පිපිරීම් දෙකක් : නැවේ සමබරතාව ගිලිහෙමින් පවතියි

0
නිව් ඩයමන්ඩ් නෞකාවේ පිපිරීම් දෙකක් : නැවේ සමබරතාව ගිලිහෙමින් පවතියි

ඊයේ දිනයේ ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මේ දක්වා කිසිදු තෙල් කාන්දුවක් සිදුව නැතැයි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

 

මේ පිළිබඳව ගුවන් හමුදාව හා නාවික හමුදාව සමග එක්ව නිරීක්ෂණය කරමින් සිටින බව එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේය.

ගින්නත් සමග අද අලුයම නැවේ පිපිරීම් දෙකක් සිදුව ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස නැවේ සමබරතාව ගිලිහෙමින් පවතින බවත් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.

ගිනිගත් නෞකාවේ බොයිලේරුවේ සේවය කරමින් සිටියදී අතුරුදන් වූ  පුද්ගලයා මියගිය බව වාර්තා වී ඇතැයි නාවික හමුදාව සඳහන් කළේය.

නාවික හමුදා ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ, නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ප්‍රකාශ අනුව එය තහවුරු වන බවයි.

නෞකාවේ සේවය කළ 22 දෙනෙකු මේ වනවිට නිරුපද්‍රිතව බේරා ගෙන ඇති අතර, එක් අයෙකු ප්‍රතිකාර ලබන්නේ කල්මුණේ රෝහලේ ය.

සෙසු පිරිස ගින්න නිවීම සඳහා නාවික හමුදාව සමග එක්ව කටයුතු කරමින් සිටින බව ද ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

සුපර් ටෑන්කර් වර්ගයේ ඉන්ධන නෞකාවක් වන මෙහි,ගින්න ඇති වූයේ සංගමන් කන්ද තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේදී යි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා තුනක් ,ඉන්දීය නාවික හමුදාවේ නෞකා දෙකක්, හම්බන්තොට වරායෙන් නෞකා දෙකක් හා අදාළ නැව අයත් සමාගමේ නෞකාවක්ද මේ වන විට යොදවා තිබේ.

නාවිකා හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ ගින්න නිවා දැමීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවයි.

ගුවන් හමුදාව ද ගින්න නිවීම සඳහා පියවර ගනිමින් සිටින බව ගුවන් හමුදා ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version