විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

ප්‍රංශයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 198 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(04) දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

 

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 564 දරන විශේෂ ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර සිට අද දහවල් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

තවද, භූතානයේ පාරෝ නුවර සිට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන භූතාන ජාතික උපාධි අපේක්ෂකයන් 80 දෙනෙකු අද උදෑසන 10.50ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Exit mobile version