කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ ඉන්දියාව දෙවැනි තැනට

ගෝලිය කොවිඩ් නයින්ටීන් ආසාදිත ලැයිස්තුවේ බ්‍රසීලය අභිබවා ගොස් ඉන්දියාව දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

 

මේ වනවිට ලොව වැඩිම ආසාදිතයින් හමු වී ඇති රට වන්නේ අමෙරිකාවයි. එරටින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 6,460,250ක් හමුවී ඇත.

ඉන්දියාවෙන් ආසාදිතයින් 4,204,613ක් හඳුනා ගෙන තිබේ.

බ්‍රසීලයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 4,137,606ක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Exit mobile version