හෙරොයින් ජාවාරමක් කළ ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට සිදු වූ දේ

ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙකු සහ කාන්තාවක් හෙරොයින් ජාවාරමේ නිරත වි සිට්යදී පාදුක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

 

මෙම සැකකරුවන් පිළිබද පාදුක්ක පොලීසියට ලැබුණු ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීම් තුනක දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 390ක් සොයාගෙන තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 28 ක් වු වැල්ලවාය හා තලංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, කාන්තාව වයස අවුරුදු 43ක් වු අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Exit mobile version