වන අලි ප්‍රහාරයකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

ගිරාඳුරුකෝට්ටේ පොලිස් වසමේ පහළරත්කිඳ ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් ඊයේ(10) රාත්‍රියේ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 16 හැවිරිදි පහළරත්කිඳ, ගිරාඳුරුකොට්ටේ ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (11) සිදු කිරීමට නියමිතයි.

Exit mobile version