Home දේශීය පුවත් මත්ද්‍රව්‍ය තොගයක් සමග කතුන් තිදෙනෙක් CCD අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය තොගයක් සමග කතුන් තිදෙනෙක් CCD අත්අඩංගුවට

0
මත්ද්‍රව්‍ය තොගයක් සමග කතුන් තිදෙනෙක් CCD අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු කාන්තාවන් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔවුන් සතුව තිබී රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව අපරාධ කොට්ඨාසය පැවසීය.

එක් කාන්තාවක් මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 60ක් පොලිස් භාරයට ගෙන තිබේ.

එම සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි ඇයගේ 42 හැවිරිදි සහෝදරිය හෙරොයින් ග්‍රෑම් 20ක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

එම සැකකාරියන් දෙදෙනාගෙන් ලද තොරතුරු මත මාලිගාවත්ත ප්‍රදේශයේදීම හෙරොයින් ග්‍රෑම් 10ක්, මාවා කිලෝග්‍රෑම් 4ක් සහ කේරළ ගංජා පැකට් 29ක් සමග 70 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට හැකි වු බව කොළඹ අපරාධ කොට්ටාසය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version