20 වැනි සංශෝධනයේ කමිටු වාර්තාව අද අමාත්‍ය මණ්ඩලයට

අද(16) දිනයේ අමාත්‍ය මණ්ඩලයට, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත.

 

පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබිය.

ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව දෙනෙකු ද ඇතුළත් වේ.

පසුගිය 14 වනදා එම කමිටුව රැස්වූ අතර එහිදී ගනු ලැබූ නිගමන ඇතුළත් වාර්තාව ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දී තිබෙන අතර ඒ අනුව අදාළ නිගමනයන් අද රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Exit mobile version