හලාවත දී කහ තොගයක් අල්ලයි

හලාවත මෝය හරහා ගොඩබිමට රැගෙන ඒමට උත්සහ කළ කහ කිලෝ 1000ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ හලාවත පිරික්සුම් ඒකකයේ නිලධාරීන් අද(18) අලුයම සමත්වී තිබේ.

 

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් ට ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. මෙහිදී සැකකරුවන් දෙදෙනා බෝට්ටුව අතහැර පැන ගොස් තිබේ.

එම යාත්‍රාව හලාවත ප්‍රදේශයේ ධීවරයෙකුට අයත් බව හදුනා ගෙන ඇති අතර ඔහු හා අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් හලාවත පොලීසිය හා එක්ව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අත්අඩංගුවට පත් කහ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න වෙයි.

Exit mobile version