Home දේශීය පුවත් ෆවුසිට එරෙහි අල්ලස් නඩුව යළි දෙසැම්බර් මස කැඳවයි

ෆවුසිට එරෙහි අල්ලස් නඩුව යළි දෙසැම්බර් මස කැඳවයි

0
ෆවුසිට එරෙහි අල්ලස් නඩුව යළි දෙසැම්බර් මස කැඳවයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් දෙසැම්බර් මස 8 වන දා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

 

එම නඩුව අද(18) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුව විභාගය සඳහා දෙසැම්බර් මස 8 වන දා යළි කැඳවන ලෙස  නියෝග කළේය.

2011 සහ 2012 යන වසර දක්වා කාලසීමාව තුළ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබාදී තිබු රුපියල් මිලියන 19.5 ක් වටිනා සුඛෝපබෝගී ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත 70 වන වගන්තිය යටතේ හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version