ආනවිලුන්දාව ඩෝසර් කළ ව්‍යාපාරිකයා ඇතුළු දෙදෙනාට ඇප

අත්අඩංගුවට ගනු ලැබු ආනවිලුන්දාව අභයභූමියේ කොටසක් ඩෝසර් කර විනාශ කිරීමට උපදෙස් ලබා දුන් ව්‍යාපාරිකයා සහ ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු පුද්ගල ඇපමත මුදා හැර තිබේ.

 

හලාවත දිසාවිනිසුරු මංජුල රත්නායක මහතා විසින් අද(18) එම නියෝග ලබා දී තිබේ.

ආනවිලුන්දාව අභය භූමිය තුළ ඉස්සන් කොටුවක් සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි එම සැකකරුවන්ට රුපියල් ලක්ෂ 100 බැගින් වන පුද්ගල ඇපමත මුදා හැරීමට කටයුතු කර ඇත.

පසුගිය 27 වැනි දා ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.

Exit mobile version