බස් ප්‍රමුඛතා මංතීරුව ගැන පොලීසියෙන් දැනුම් දීමක්

අද (23) දිනයේ සිට බස් ප්‍රමුඛතා මංතීරුවේ ධාවනය කළ හැක්කේ මගී ප්‍රවාහන බස්රථ, පාසල් සේවා බස් රථ, කාර්යාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණක් බව පොලීසිය දැනුම් දී තිබේ.

 

කොළඹ දී ඊයේ(22) දිනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මේ බව පැවසීය.

ඒ අනුව ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා දෙවැනි මංතීරුව භාවිත කරන ලෙස ඒ මහතා ඉල්ලීක් කරනු ලැබූ අතර නව රථවාහන මංතීරු නීතිය ක්‍රියාත්මක කළ පළමු දිනට වඩා අද වන විට රථවාහන ගමනාගමයේ වේගය වැඩි වී ඇති බවත් සදහන් කළේය.

ජාලිය සේනාරත්න මහතා වැඩ්දුරටත් පැවසුවේ රථවාහන අනතුරු සිදුවන ප්‍රමාණය ද අඩු වී ඇති අතර ධනාත්මක විවේචන අනුව නව රථවාහන මංතීරු නීතියේ වෙනස්කම් සිදු කිරීමට ඉදිරියේදී අවශ්‍ය වුවහොත් කටයුතු කරන බවයි.

Exit mobile version