සංචාරක හෝටල් වලට දෙන සහනය

කොවිඩ්-19න් පීඩාවට පත් සංචාරක කේෂ්ත්‍රයේ නියුතු හෝටල් හා වාසස්ථාන වලට විදුලි බිල ගෙවීමට වසරක සහන කාලයක් ලබාදෙන චක්‍රලේඛය නිකුත් වී ඇත.

 

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ වාසස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථානවලට මෙම වසරක සහන කාලය ලබාදෙනු ඇත.

ඊට අදාල උපදෙස් විදුලිබල මණ්ඩලය මඟින් සියළුම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත ලබා දී ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙම පියවර ගෙන තිබේ.

මීට අදාල කැබිනට් පත්‍රිකාව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අතර ඊට අනුමැතිය හිමිව තිබිණි.

සංචාරක අධිකාරියේ ලියාපදිංචි හෝටල් හා වාසස්ථාන සඳහා 2020 මාර්තු 01 වෙනිදා සිට අගෝස්තඅ 31 වන දින දක්වා සමුච්චිත විදුලි බිල්පත් 2020 සැප්තැම්බර් මස 01 වෙනිදා සිට බල පැවැත්වෙන පරිදි සමාන වාරික 12කින් ගෙවීමට අවස්ථාව සලසා තිබේ.

එම කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස ද විදුලි බල මණ්ඩලය සිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත දැනුම් දී ඇත.

Exit mobile version