ඡන්ද විමසීම හේතුවෙන් 9වන දා දිවයිනේ සියලුම පාසල් වසා තැබෙයි

අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් ලබන 09 වන සිකුරාදා දිනයේ වසා තැබෙන බවයි.

මීට අමතරව පාසල් 19ක් හා අධ්‍යාපන විද්‍යා පීඨ 02 ක් හෙට සිට ලබන 09 වනදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය  සඳහන් කරයි.

සියලුම පාසල් නියමිත පරිදි ලබන 12 වනදා යළි විවෘත කෙරෙන බව අමාත්‍යංශය නිවේදනය කරයි.

Exit mobile version