Home දේශීය පුවත් විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ ජාතික වැඩසටහනක්

විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ ජාතික වැඩසටහනක්

0
විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ ජාතික වැඩසටහනක්

හෙට(05) දිනයේ සිට ලබන 11 වන දින දක්වා විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

 

දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 653ක විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ ඒ අනුව හෙට දිනයේ සිට ලබන 11 වන දින දක්වා උදෑසන 8 සිට පස්වරු 5 දක්වා ඕනෑම පුද්ගලයෙකුට විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තැපැල් කාර්යාල වෙත භාර දිය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version