මංතීරු නීතිය කඩන රියදුරන්ට ගන්න නීතිමය පියවර මෙන්න

හෙට(05) දිනයේ සිට මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය සදහන් කරයි.

 

පොලිස් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ මංතීරු නීතිය කඩකරන පුද්ගලයින් නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාවේද සහය ලබා ගන්නා බවයි.

මංතීරු නීතිය කඩකරන රියදුරන්ට එරෙහිව නඩු පැවරීමට හෝ ස්ථානීය දඩයක් නියම කිරීමට පියවර ගන්නා බව ඉන්දික හපුගොඩ මහතා පැවසීය.

Exit mobile version