යළි දැනුම් දෙනතුරු රාජ්‍ය ආයතනවල මහජන දින පවත්වන්නේ නෑ

යළි දැනුම් දෙනතුරු රාජ්‍ය ආයතනවල මහජන දින නොපවත්වන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේය.

 

රාජ්‍ය ආයතනවල කටයුතු අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් සීමා කර ජනතාව එක්රැස්වීම අවම කරන ලෙස උපදෙස් දී ඇති බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පැවසීය.

Exit mobile version