රට හරහා දිවීමේ තරඟය 18 වනදා – ක්‍රීඩා අමාත්‍යාංශය

ක්‍රීඩා අමාත්‍යාංශය සැළසුම්කර තිබෙන්නේ 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරඟය ලබන 18 වනදා පැවැත්වීමටයි.

තරඟය මෙවර ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ නුවරඑළිය ගොල්ෆ් පිටිය අසලදී අතර පළාත් 9 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 144 දෙනෙකු ඊට එක්වීමට නියමිතයි.

පෙරවරු 8.30ට තරඟය ආරම්භ වීමට නියමිතය.

Exit mobile version