දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් හෙට දිවයිනට

අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා හෙට(27) දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ දෙදින නිල සංචාරයක් සඳහා යි.

 

ඔහු ලබන 28 වනදා දක්වා මෙරට රැඳී සිටින අතර සිය සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

දෙරට අතර පවතින බහුආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් අදාළව එහිදී අවධානය යොමු කිරීමට නියමිතව ඇත.

Exit mobile version