කොවිඩ් : නුවරඑළියේ විනෝද චාරිකා පැමිණීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

රටේ උද්ගතවී ඇති කොවිඩ් නයින්ටීන් වෛරස තත්ත්වය හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු නුවරඑළියේ විනෝද චාරිකා පැමිණීමෙන් වැළකි සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

එසේ පැමිණෙන පුද්ගලයින් හට නිරෝධායන නීති අනුව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ.

නුවරඑළිය නගරයේ පිහිටි වික්ටෝරියා උද්‍යානය සහ ග්‍රේගරි වැව උද්‍යානය, සඳතැන්න ඇතුළු සියලු සංචාරක ස්ථාන වසා ඇති බවද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version