ඡන්ද විමසීම පැවැත්වූ කාලසීමාවේ මැතිවරණ පැමිණිලි 126ක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වූ කාලසීමාව තුළ (පැය 24) විවිධ සිදුවීම්වලට සම්බන්ධ මැතිවරණ පැමිණිලි 126ක් වාර්තා වී ඇති බවයි.

මෙම කාලය තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 14කි.

පසුගිය දෙසැම්බර් මස 09 දින සිට මේ දක්වා පැමිණිලි 818ක් ලැබී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 152කි. මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධි 275ක් වාර්තා වී තිබෙන බව පොලීසිය පවසයි.

Exit mobile version