Home දේශීය පුවත් දහම් පාසැල් ගුරුවරියන්ට නිල ඇදුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි

දහම් පාසැල් ගුරුවරියන්ට නිල ඇදුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි

0
දහම් පාසැල් ගුරුවරියන්ට නිල ඇදුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි

දහම් පාසැල් ගුරුවරියන්ගේ නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි බෙදාදීමට අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

 

2020 වර්ෂය සඳහා බෞද්ධ දහම් පාසැල් ගුරුවරියන් හට නිල ඇඳුම් ලෙස, දේශීය නිෂ්පාදකයින් විසින් නිෂ්පාදනය කරනු ලබන සාරි 76,000ක ප්‍රමාණයක් බෙදාදීමට සැළසුම් කර ඇත.

මේ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 182.4කි.

මේ වනවිට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක බෞද්ධ දහම් පාසැල් 11,000කට අධික සංඛ්‍යාවක ගුරුවරියන් 76,000ක් පමණ සේවය කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version