Home දේශීය පුවත් මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරේ

මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරේ

0
මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරේ

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි කටයුතු අදියර කිහිපයක් යටතේ අද (09) දින සිට ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

 

ඒ අනුව අද සිට එහි ජාත්‍යන්තර අධිවේගී තැපෑල, ව්‍යාපාරික තැපෑල සහ දේශීය අධිවේගී කුරියර් සේවා ආරම්භ කරන බව ඒ මහතා සඳහන් කරයි.

පසුගිය 05 වනදා සිට එහි රාජකාරි කටයුතු සම්පූර්ණයෙන් අත්හිටුවනු ලැබුවේ, කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගැනිම හේතුවෙනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version