ඉරානයේ ප්‍රධානම න්‍යෂ්ටික විද්‍යාඥයා ඝාතනයට

ඉරානයේ ප්‍රධානම න්‍යෂ්ටික විද්‍යාඥයා ලෙස සැලකෙන මොහ්සන් ෆාක්රිසාදේ ඝාතනය කර තිබේ.

 

ටෙහෙරාන් අගනුවර අසල මෙම ඝාතනය සිදුව ඇතැයි එරට  ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි

ඉරානයේ මතභේදාත්මක න්‍යෂ්ටික වැඩසටහනේ ‘මහමොළයක්‘ ලෙස ඔහු ප්‍රසිද්ධියට පත්ව තිබේ.

ටෙහෙරානයේ නැගෙනහිරට වන්නට ඔහු ගමන් ගත් මෝටර් රථය ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර, එයින් ඉදිරිපස වීදුරුව විනාශ වී තිබෙන ආකාරය ඡායාරූපවලින් දැක්විණි.

මෙය ඝාතනයක් සේ පෙනෙන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය සදහන් කර තිබේ.

Exit mobile version