මුහුදේ දියනෑමට ගිය තරුණයින් 2ක් අතුරුදහන්

පලාලි පොලිස් වසමේ ඌරනි වෙරළතීරයේ අද (29) දිනයේ දියනෑමට ගිය 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් දෙදෙනෙක් අතුරුදහන් වී තිබේ.

 

අතුරුදහන් වු පුද්ගලයින් දෙදෙනා 19 වන වියේ පසුවන තරුණයින් දෙදෙනෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Exit mobile version