Home දේශීය පුවත් සංචාරකයින්ට රට විවෘත කිරීම ගැන සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර හමුවක්

සංචාරකයින්ට රට විවෘත කිරීම ගැන සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර හමුවක්

0
සංචාරකයින්ට රට විවෘත කිරීම ගැන සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර හමුවක්

සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර ද්විපාර්ශවික හමුවක් මෙම සතියේ සංවිධානය කිරිමට නියම්ත බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

 

පළමු කොවිඩ් රැල්ල පාලනය කිරීමත් සමග සංචාරකයන් කණ්ඩායම් වශයෙන් දිවයිනට ගෙන්වීමට රජයේ අවධානය යොමුව තිබු අතර රුසියානු සමුහාණ්ඩුවට අයත් රටවල සංචාරකයින්ට 44,000 ක් දිවයිනට ගෙන්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් සංචාරක ඇමතිවරයා ඉදිරිපත් කර ඇති අතර ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය පලවී තිබිණි.

ඊට අමතරව ජර්මනියේ ඔස්ට්‍රේලියාව වැනි රටවලින්ද මෙලෙස සංචාරකයින් කාණ්ඩායම් වශයෙන් දිවයිනට ගෙන්වීමට සැලසුම් කර තිබේ.

මෙලෙස පැමිණෙන සංචාරකයින් හෝටල් තුලම පලමු දින 14 රැදවීමටත් සැලසුම් කර තිබු අතර පැමිණිමට පෙරත් හා දිවයිනට පැමිණි පසුත් පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කිරීම හා ඔහුන් දිවයින තුල සිටින කාලය තුළ අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ද මේ අනුව සාකච්ඡා කෙරෙමින් පැවතිනි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ සෞඛ්‍ය අංශ නිර්දේශ වලට අනුව ඉදිරියේදි රට සංචාරකයින්ට විවෘත කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරිය හා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ද සෞඛ්‍ය අමාත්‍යංශ පාර්ශවයෙන් මෙම සාකච්ඡාවට සහභාගී වන බවත් තමන් ඇතුළු සංචාරක අංශ ප්‍රදානීන් සංචාරක අමාත්‍යංශ පාර්ශවයේ ඊට සහභාගී වීමට නියමිත බවත් ඇමතිවරයා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version