Home දේශීය පුවත් නීති විරෝධීව මෙරටින් සංක්‍රමණයවීමට තැත් කළ පිරිසක් නාවික හමුදාව භාරයට

නීති විරෝධීව මෙරටින් සංක්‍රමණයවීමට තැත් කළ පිරිසක් නාවික හමුදාව භාරයට

0
නීති විරෝධීව මෙරටින් සංක්‍රමණයවීමට තැත් කළ පිරිසක් නාවික හමුදාව භාරයට

නාවික හමුදාව විසින් මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුද මගින් මෙරටින් ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකසහිත ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙක්ක් සහ ජාවාරම් කරුවන් දෙදෙනෙක් පසුගිය 28 දින නාවික හමුදා භාරයට ගෙන තිබේ.

 

උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම පේසාලේ ප්‍රදේශය‍ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී සැක කටයුතු ලෙස යාත්‍රා කරමින් තිබු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කරන ලදී.

පසුව සිදු කළ වැඩිදුර පරීක්ෂාවේදී නීති විරෝධී ලෙස ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකපිට පුද්ගලයන් 5ක් හා ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සමගින් එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට ක‍ටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගත් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් අතර අවුරුදු 29ක් වන පිරිමි පුද්ගලයෙක්, අවුරුදු 29 සහ 38 වයස් වල පසුවන කාන්තාවන් දෙදෙ‍නෙක්, අවුරුදු 08 සහ 09 වයස් වල පසුවන ගැහැණු ළමුන් දෙදෙනෙක් වූ අතර, ඔවුන් මන්නාරම නානට්ටාන් ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික පුද්ගලයන් බවට හඳුනා ගන්නා ලදී.

එමෙන්ම නාවික හමුදා භාරයට ගත් ජාවාරමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 32 සහ 37 ක් වන පේසාලේ ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට හඳුනා ගන්නා ලදී.

එමෙන්ම කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් සහ ඩිංගි යාත්‍රාව, ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා විමර්ෂණ කටයුතු නාවික හමුදාව හා පොලිසිය එක්ව මේවන විටත් සිදුකරමින් සිටී.

තවද ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපය ඔස්සේ සිදුවන අනවසර සංක්‍රමණ ඇතුලු සියලු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සදහා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version