නැගෙනහිර පාසල් දින 3ක් වසා තැබේ

නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (02) දිනයේ සිට ලබන සිකුරාදා දක්වා වසාදැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (01) පෙරවරුවේ පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

 

ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවැති අඩුපීඩන තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී නැගෙනහිර වෙරළ කලාපයට ඇතුළු වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Exit mobile version