ඊයෙත් වැඩිම කොවිඩ් ආසාදිතයින් කොළඹින්

ඊයේ (01) දිනයේ දී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 545 දෙනෙක් වාර්තා වී තිබේ.

 

ඊයේ දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණනින් 541ක් මෙරටින් හඳුනාගෙන ඇත.

අනෙක් සිව්දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි දෙදෙනෙක් හා ජපානයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් වේ.

ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ආසාදිතයින් ගණන 294ක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 130ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 36ක් හඳුනා ගෙන තිබේ.

Exit mobile version