වී මිලදී ගැනීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් උද්ගත වී නැත

වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී. දිසානායක මහතා සඳහන් කළේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට කිසිදු ගැටළුවක් උද්ගත වී නැති බවත් රජය වී මිලදී ගැනීමට සූදානමින් සිටින බවයි.

මේ වනවිටත් වී මිලදී ගැනීමට සඳහා ගබඩා විවෘතව ඇති බවත් අවශ්‍ය මුදල් දිසාපතිවරුන් වෙත යැවිමට කටයුතු කර තිබෙන බවත් ඒ අනුව වී මිලදී ගැනීම ගැටළුවකින් තොරව සිදුකිරීමට සූදානම්ව සිටින බවත් සභාපතිවරයා සඳහන් කළේය.

Exit mobile version