මෙරට කොවිඩ් මරණ 147ක් දක්වා ඉහළට

අද දිනයේ එක් කොවිඩ් මරණයක් වාර්තා වි තිබේ.

 

එලෙස මියගොස් ඇත්තේ 82 හැවිරිදි කොළඹ 13 ප්‍රදේශයේ පදිංවිව සිටි කාන්තාවකි.

කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඊයේ (10) මියගොස් ඇත.

ඒ අනුව මෙරට කොරෝනා වෙෙරසය වැළදීමෙන් සිදු වි තිබෙන මරණ ගණන 147ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version