ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 616ක්

අද (17) උදෑසන වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 616 දෙනෙකු හඳුනාගෙන තිබේ.

 

ඉන් ආසාදිතයින් 611 දෙනෙකු දේශීයව හඳුනා ගෙන ඇති අතර, අනෙක් ආසාදිතයින් 5 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි ආසාදිතයින් අතරින් හඳුනා ගෙන ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් වැඩිම පිරිස ⁣කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර එම ආසාදතයින් ගණන 266ක්.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 99ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 94ක් ලෙස හඳුනා ගෙන තිබේ.

ඊයේ දිනය තුළ මරණ 6ක් වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 160 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version