ගතවූ සති අන්තයේ සිරිපා කරුණා කිරීමට ලක්ෂ තුනක පමණ පිරිසක්

ගතවූ සති අන්තයේ සිරිපා කරුණා කිරීමට හැටන් නල්ලතන්නිය හා රත්නපුර බලබද්දල මාර්ග ඔස්සේ ලක්ෂ තුනක පමණ පිරිසක් පැමිණ තිබෙන බව නල්ලතන්නිය පොලීසිය පවසයි.

මේ හේතුවෙන් නල්ලතන්නියේ ස්ථාපිත කර තිබෙන සියලු රථ ගාල් වාහන වලින් පිරී යෑම නිසා නල්ලතන්නිය සිට මස්කෙළිය මාඋස්සාකැලේ සමන් දේවාලය දක්වා මර්ගයේ කිලෝ මීටර පහක පමණ දුරට වාහන ගාල්කර තිබිණි.

මෙම මාර්ගයේ වාහන ගාල් කිරීමෙන් පසු නල්ලතනින්ය දක්වා අදළ දුර බැතිමතුන්ට පයින් ගමන් කිරීමට සිදු විය. සිරිපා වන්දනාවේ පැමිණෙන තරුණයන් රැගෙන එන සංගීත භාණ්ඩ මාඋස්සාකැලේ පොලිස් මුර පොළේදී මස්කෙළිය පොලීසිය මගින් පොලිස් භාරයට ගෙන ඔවුන් යළි නිවෙස් බලා යනවිට ඒවා ලබා දීමට පියවර ගෙන තිබේ.

සති අන්තයේ සිරිපා වන්දනාවේ පැමිණෙන ජනතාවගේ පහසුව පිණිස හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා දිවා හා රාත්‍රී දෙකේදීම විශේෂ බස් සේවා ක්‍රියාත්මක කිරීමට හැටන් ඩිපෝව කටයුතු යොදා ඇත.

Exit mobile version