බොරැල්ලේ මනුෂ්‍ය ඝාතනයක්

බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී ඊයේ (20) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

 

පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදි බොරැල්ල සරණපාල හිමි මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version