බත්තරමුල්ල – තලංගම ප්‍රදේශයේ වෙඩි තැබීම පාතාල ක්‍රියාකාරකමක්

යතුරුපැදියකින් පැමිණි නාදුණන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදු කල බත්තරමුල්ල – තලංගම ප්‍රදේශයේ ඊයේ (18) සිදු වූ වෙඩි තැබීම පාතාල ක්‍රියාකාරකමක් බවට පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.

එහිදී නිවසේ නිදමින් සිටි 51 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් 48 හැවිරිදි ඔහුගේ බිරිඳ තුවාල ලැබූ අතර මෙම යුවළ සිටි නිවසට යාබදව පාතාල කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු කුලී පදනම ලබාගත් කාමරයක නැවතී සිට ඇති බව ද වාර්තාවේ.

අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් මොහු කාමරයේ සිටිනු ඇති බවට අනුමාන කර අදාළ වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් මුහුණු ආවරණය කර හිස් වැසුම් පැළඳ පැමිණ ඇති බවට ද මූලික පරික්ෂණවලදී අනාවරණ වී ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා ඇති බව තලංගම පොලීසිය සඳහන් කළේය.

Exit mobile version