දස දහසක පිරිසක් සහභාගී වූ මංගල උත්සවය

නිරෝධායන නීති කඩ නොකර, දස දහසකට වැඩි අමුත්තන් පිරිසක් රැස් කර ගනිමින් සැමරූ මංගල උත්සවයක් පිළිබඳව මැලේසියාවෙන් වාර්තා වේ.

 

එරට මංගල උත්සවයක් සඳහා රැස් කර ගත හැකි අමුත්තන් පිරිස 20 ක් බවයි වාර්තා වන්නේ.

ක්වාලාලම්පූර් අගනුවරට දකුණින් පිහිටි පුටරාජයේ පිහිටි රජයේ ගොඩනැගිල්ලක මෙම මංගල උත්සවය පවත්වා ඇති අතර මන්දිරයෙන් පිටත සකස් කළ පීඨිකාවක් මත මංගල යුවල සිට තිබේ.

අමුත්තෝ සිය මෝටර් රථවල සිට මනාල යුවළට සුභාසිංශන පළ කර ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මංගල උත්සවයට පැමිණි අමුත්තන්ට සංග්‍රහයන් ද සිදුකර ඇති අතර එය සිදු කර ඇත්තේ, සැකසූ ආහාර පාර්සල ලබා දීමෙන් බව වාර්තා වේ.

Exit mobile version