සිකුරාදාට බතික් අඳින්නැයි රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයින්ගෙන් ඉල්ලීමක්

සිකුරාදා දිනයේ රාජ්‍ය හා පෞද්ගලීක අංශයේ සේවකයින්ගෙන් සතියට එක් දිනක් බතික් හා අත්යන්ත්‍ර රෙදිවලින් සැකසූ ඇඳුමින් සැරසී සේවයට පැමිණෙන්නැයි බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබේ.

 

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ මේ පිළිබඳව ඉදිරියේ ද රාජ්‍ය සේවා අමාත්‍යාංශය හරහා චක්‍රලේඛයක් ද නිකුත් කරන බවයි.

Exit mobile version