නීතිවිරෝධීව ආනයනය කළ කහ තොගයක් රේගු භාරයට (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද රුපියල් 15,000,000 ක් වටිනා කහ කුඩු කිලෝග්‍රෑම් 7,500 ක් රේගු අවදානම් කළමනාකරණ ඒකකය (Risk Management Unit ) විසින් 2020.12.21 දින අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම කහ තොගය තිරිඟු පිටි කිලෝග්රෑම් 19,350 ක් ලෙස විස්තර කර රේගුව වෙත පවසා ඉදිරිපත් කරමින් ආනයන කර ඇති අතර එහි වටිනාකම රුපියල් 1,550,000 කි.

සිදු කරන ලද රේගු පරීක්ෂණදී කහ කුඩු කිලෝග්‍රෑම් 7,500 ක් සහ තිරිඟු පිටි කිලෝග්රෑම් 11,850 ක් සොයා ගන්නා ලදී.

අඩි 1 x 20 ක බහාලුමක් තුල ඉන්දියාවේ සිට ආනයනය කරන ලද බහාලුම රේගු භාරයේ රඳවාගෙන ඇති අතර මූලික පරීක්ෂණ RMU කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලදී.

මෝදර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මෙම ආනයනය සිදු කර ඇති අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු රක්ෂිත බන්ධනාගාර කරනු ලැබීය.

මෙම රේගු විමර්ෂණය අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්. ආනන්දේශ්වරන් මහතාගේ හා රේගු අධ්‍යක්ෂ ඩී.ඒ.එස්. චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් පරිදි, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර රේගු අධිකාරී කැලුම් තුෂාර, සුරේන්ද්‍ර අමරසිංහ, ඉඳුනිල් බණ්ඩාර, පුලස්ති ලක්ෂාන් හා තරිඳු පරණමාන යන මහත්වරුන් විසින් සිදු කරනු ලැබේ.

Exit mobile version