අදත් ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එමෙන්ම සෙසු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

දිවයින වටා මුහුදු ප්‍රදේශ වල සුළං ඊසාන දෙසින් හමන අතර සුලගේ වේගය පැ.කි.මී 30 පමණ වේ. හලාවත සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේහ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මි 50 දක්වා ඉහළ යාමට හැකියාව පවති.

හලාවත සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැක.

ගිගුරුම් වැසි සමග තාවකාලික තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක.

Exit mobile version