ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණයට

“ඊ ලෑන්ඩ් මෘදුකාංගය” නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී සිදු කර තිබේ.

 

ඒ අනුව ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරිමට පියවර ගෙන තිබේ.

එහි ප්‍රථම පියවර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ අතර මෙම වසර අවසන් වනවිට දිවයින පුරා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 45 ක මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

නව වැඩපිළිවෙළ තුළින් ඉඩම් හා දේපළ ලේඛන, අතින් ලියාපදිංචි ක්‍රමවේදය වෙනුවට මෘදුකාංගයක් මගින් ලේඛනගත කිරීම, ලියාපදිංචි කිරීම හා ආපසු නිකුත් කිරීම සිදු කෙරෙනු ඇති.

Exit mobile version