මොසැම්බික් රාජ්‍යයේ කුණු කන්දක් නාය යාමෙන් 17 දෙනෙකු මරුට

මොසැම්බික් රාජ්‍යයේ අගනුවර වන මපුටො හි කුණු කන්දක් නාය යාමෙරැන් 17 දෙනෙකු මිය ගොස් අැත. ඒ අතර ළමයින් ද වන බව වාර්තා වේ.

මීටර් 15 ක් පමණ උසින් යුතු මෙම කුණු කන්ද ආශ්‍රිතව ජීවත් වී ඇත්තේ නගරයේ දුගී ජනතාවයි. මෙම සිදුවීමෙන් ඊට ආසන්නයේම පිහිටි ගෙවල් පහක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

මිය ගිය පුද්ගලයින්ට අමතරව තවත් අය යට වී ඇති බව ප්‍රදේශවාසීන් පවසන අතර ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව හදිසි සේවා ප්‍රකාශකවරයා පවසයි. වාර්තා වන මරණ සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් මෙම නිවෙස් වල ජීවත් වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

Exit mobile version