ඊයෙත් වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වන්නේ කොළඹින්

අද (10) උදෑසන වන විට මෙරටින් කොවිඩි රෝගීන් 535ක් හදුනාගෙන තිබේ.

 

ඊයේ දිනයේත් වැඩ්ම රෝගීන් ගණනක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඒ රෝගීන් 148කි.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 111ක් සහ කෑගල්ලෙන් රෝගීන් 64ක් ද අනෙක් 212දෙනා සෙසු දිස්ත්‍රික්ක වලින් වාරතා විය.

මෙරට වෙෙරසය අාසාදනය වූ රෝගින් ගණන 47839ක් වන අතර ඉන් පුද්ගලයින් 40837ක් පුර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

මේ අතර මෙරට කොරෝනා වැළදීමෙන් සිදුවූ මරණ ගණන 229ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද උදෑසන වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථන වල රෝගීන් 6773ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

ඊයේ දිනයේ මෙරට තුළ PCR පරීක්ෂණ 17217ක් සිදු කර තිබේ.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 76ක් තුළ පුද්ගලයින් 6150ක් නිරෝධායනය වෙම්න් සිටි.

Exit mobile version