ගම්පහ මූල්‍ය ආයතනයක මංකොල්ලයක්

ඊයේ (15) දහවල් මුඛ ආවරණ, හිස්වැසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලික මූල්‍ය ආයතනයක මුදල් සහ රන් භාණ්ඩ මංකොල්ලයක් සිදුකර තිබේ.

 

ගම්පහ මිරිස්වත්ත පාර ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට පැමිණ ඇති සැකකරුවන් ගිනිඅවි පෙන්වා එහි සිටි සේවකයින් බියගන්වා රුපියල් කෝටි 4කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ තිබූ අතර ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 05ක් විමර්ශන ආරම්භ කර ඇත.

Exit mobile version