යුද හමුදාසන්නද්ධ බුද්ධි බලකායේ සන්නද්ධ බුද්ධි පුහුණු පාසල හමුදාපති අතින් විවෘත වෙයි

යුද හමුදාසන්නද්ධ බුද්ධි බලකායේ සන්නද්ධ බුද්ධි පුහුණු පාසල ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් විවෘත කරන ලදී.

 

කරන්දෙනිය ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද මෙම සන්නද්ධ බුද්ධි පුහුණු පාසල මේජර් ජෙනරල් ශාන්ත හේවාවිතාරණ මහතාගේ ආරාධනයෙන් පසුගිය (15) වැනිදා යුද හමුදාපතිවරයා විවෘත කළේය.

ජාතික ආරක්ෂාවට පවතින අභියෝග වලට මුහුණ දීම සදහා හමුදා සහ අනෙකුත් ආරක්ෂක අංශ වල බුද්ධි වෘත්තිකයින් සුදානම් කිරිම හා පුහුණු කිරිම වෙනුවෙන් මෙම සන්නද්ධ බුද්ධි පුහුණු පාසල ක්‍රියාත්මක වනු ඇත.

 

Exit mobile version