දුරගමන් දුම්රිය සේවා අද යළි ධාවනයට එක් කෙරේ

රට තුළ පැවති කොරෝනා වෛරස තත්ත්වය හමුවේ දුර ගමන් සේවා දුම්රියයන් අත්හිටවනු ලැබු අතර දුර ගමන් සේවා දුම්රිය ධාවනය අද(18) දිනයේ සිට යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.

 

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ, මුහුදුබඩ මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුර ගමන් සේවා ධාවනය අද සිට සිදුකෙරේ.

උතුරු මාර්ගයේ ගල්කිස්ස සහ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රියත්

කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා උදයදේවි ශීඝ්‍රගාමී දුම්රියත්

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා පොඩි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියත්

මරදානේ සිට බෙලිඅත්ත දක්වා දක්ෂිණ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියත් අද දිනයේ සිට ධාවනය ආරම්භ කරයි.

Exit mobile version