ගිනි අවියක් සහ කෝටි 2කට වැඩි මුදල් සමඟ අයෙක් කොටුවෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවට සැකකරන 38 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් කෝටි 2.75 ක මුදල් හා ගිනි අවියක් සමඟ මොහු සතුව තිබී ඇති බව වාර්තා වන අතර පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් මොහු කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Exit mobile version