කටුනායක දී පැනලා ගිය කොරෝනා රෝගීයෙක්

කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළක සිටි කොවිඩ් ආසාදිතයෙක් පළා ගොස් තිබෙන බව වාර්තා වෙයි.

 

ඒ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යෑමට සුදානමින් සිටියදි වන අතර ඊයේ (21) දිනයේ දී එම ආසාදිතයා පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

25 හැවිරිදි එම පුද්ගලයා කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු අයෙකි.

පීසීආර් පරීක්ෂණයකින් අනතුරුව අදාල පුද්ගලයාට කොරෝනා රෝගය වැළදී තිබෙන බවට තහවුරු වී තිබේ.

ඔහු පදවිය, බෝගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පළාගිය කොවිඩ් ආසාදිතයා පිලිබද මේ වන විට කටුනායක පොලීසිය විමර්ශනයක් පවත්වයි.

Exit mobile version