කටුනායක දී පැනලා ගිය කොරෝනා රෝගීයා සොයා ගැනේ

කොවිඩ් 19 ආසාදිත බවට හඳුනා ගැනුණු ,කටුනායක වලනාගොඩ ප්‍රදේශයේ නවාතැනක සිටි තරුණයෙකු ප්‍රතිකාර සඳහා රැගෙන යාමට සිටියදී පලා යාමෙන් පසු 18 කණුව ප්‍රදේශයේදී සොයාගෙන තිබේ.

 

මොහුව ප්‍රතිකාර සඳහා මිගමුව රෝහලට ඇතුලත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

25 හැවිරිදි මෙම තරුණයා කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු අයෙක්

ඔහු පදවිය, බෝගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Exit mobile version