සමගි ජන බලවේගයේ “බුද්ධි මණ්ඩපය” එළිදකියි

සමගි ජන බලවේගය බලවේගයේ වෘත්තීයවේදීන් ගෙන්, විද්වතුන් ගෙන් සමන්විත බුද්ධි මණ්ඩපය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පිහිටුවනු ලැබීය.

 

ජනතාවාදී අධ්‍යන හා වෘත්තීයවේදී බුද්ධි මණ්ඩපය ලෙස හැඳින්වෙන එය සියයකට අධික සාමාජිකයින්ගෙන් සමන්විත ය. සාමාන්‍යයෙන් ඉතිහාසයේ සිටම දකින්නට ලැබෙන අත්දැකීම වන්නේ විවිධ දේශපාලන පක්ෂ, උගතුන් බුද්ධිමතුන් ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් ඇතුළු පාර්ශව මැතිවරණ ආසන්නයේ දී සිය මැතිවරණ ප්‍රචාරණය සහ ජයග්‍රහනය වෙනුවෙන් දායක කරගත්තද සිය අරමුණ ඉටුකර ගැනීමෙන් පසු ඔවුන් අත්හැර දැමීම බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, සමගි ජන බලවේගයත්, තමනුත් එම අවස්ථාවාදී ක්රියාවලිය සහමුලින්ම බැහැර කරන බව පැවසීය.

විපක්ෂයේ සිටියදී ම ඔවුන් සවිබල ගන්වමින් ඔවුන්ගේ දායකත්වය ලබා ගන්නා තමන් ආණ්ඩුව පිහිට වූ පසුවද පසුව ද ඒ ආකාරයෙන් ම ඔවුන්ගේ දායකත්වය ලබා ගන්නා බව පැවසීය.

Exit mobile version