බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක් වසා දමයි

බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් ඇතුළු ප්‍රදේශ කිහිපයක් වසා දැමීමට බලධාරීන් තීරණයකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

ඒ, පර්ත්හි පිහිටි හෝටලයක ආරක්ෂක නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමත් සමගයි.

ඒ අනුව ප්‍රදේශ 15ක් අද පස්වරු 6 සිට එළැඹෙන සිකුරාදා දක්වා දින 5ක කාලයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමටයි බටහිර ඔස්ට්‍රේලියානු කලාප ප්‍රධානී මාක් මැග්ගෝවන් තීරණයකර ඇත.

Exit mobile version